News Line| Off Air
Generic placeholder image

Jul
25

රග්බි ක්‍රීඩකයෙකු වෙන්න ගිය බෙන් ස්ටෝර්ක්ට හිටිය අත්භූත අනුග්‍රාහකයා

676 Views


රග්බි ක්‍රීඩකයෙකු වෙන්න ගිය බෙන් ස්ටෝර්ක්ට හිටිය අත්භූත අනුග්‍රාහකයා

2019 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට පුරෝගාමී මෙහෙවරක් කල ක්‍රීඩකයෙකු ලෙස කාටත් නම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි බෙන් ස්ටෝර්ක් කියන්නේ. එංගලන්තය නියෝජනය කලත් බෙන් කියන්නේ නවසීලන්ත ජාතිකයෙක් කියන්න දැන් කවුරුත් දන්නවා.

1991 වසරේදී නවසීලන්ත ක්‍රයිස්චර්ච් වලදී බෙන් උපත ලැබූ අතර බෙන්ගේ පිය නවසීලන්ත රග්බි ක්‍රීඩකයෙක් වගේම දක්ෂ රග්බි පුහුනුකරුවෙක්ද වෙනවා. බෙන්ට අවුරුදු 03 දී බෙන්ගේ තාත්තට ලැබෙනවා එංගලන්තයට සංක්‍රමණය වෙන්න. ඒ රග්බි පුහුණුකරුවෙක් විදියට.

හොදට රග්බි සෙල්ලම් කරන්න පුළුවන් උගත් බෙන් යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටය .බෙන් ස්ටෝර්ක්ගේ පුදුමාකාර සිද්ධිය වන්නේ ඔහුට අවුරුදු 13 දී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන විලාසය දැක ඔහුගේ දක්ෂතා වර්ධනය කිරීමට අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වීමයි. නමුත් අද වෙනකන් බෙන්ට මේ විදියට අනුග්‍රාහකත්වය දක්වනු කෙනා කව්ද කියලා ප්‍රසිද්ධ කරලා නැහැ. මොකද මේ පුද්ගලයා බෙන් ස්ටෝක්ර්ට අනුග්‍රහය දක්වලා තියෙන්නේ රහසිගතව.
බෙන් ස්ටෝර්ක්ගේ පළමු පුහුණුකාර ජෝන් ගිම්සන් කියන විදියට මේ දිරිගැන්වීම එක්ක බෙන් මුළු ජිවිතයම මහන්සි වී පුහුණුවීම් කලාලු.ඒ විතරක් නෙමෙයි සිත කාලයේදී පවා වැස්සේ තෙමිගෙන කරපු පුහුණුවීම් වල ප්‍රථිපල ගැන අද මුළු එංගලන්තයම සතුටු වෙනවා කියලා තමයි ජෝන් ගිම්සන් කියලා තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post