News Line| Off Air
Generic placeholder image

Jul
25

ලෝක කුසලාන තරග අහිමි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු යළි කැඳවයි

1020 Views


ලෝක කුසලාන තරග අහිමි වූ  ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු යළි කැඳවයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ක‍්‍රීඩකයින්ගේ නම් ඇතුලත් අවසන් සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය සමග පැවති පුහුණු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ දසුන් ශානක සහ ශෙහාන් ජයසූරිය ද එම සංචිතයට ඇතුළත් වන බව වාර්තා වෙන අතර දසුන් ශානක නම් කර ඇත්තේ බංග්ලාදේශය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග 02ක සඳහා පමණක් වන බවත් එමෙන්ම අකිල ධනංජය සහ ලහිරු කුමාර ද මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ඒ අනුව හෙට තරග වදින ක්‍රීඩකයින් වන්නේ දිමුත් කරුණාරත්න මෙහි නායකයා ලෙස කටයුතු කරන අතර කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරුමාන්න ද මෙම සංචිතයට ඇතුළත්. ධනංජය ද සිල්වා, ලසිත් මාලිංග, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා, ඉසුරු උදාන සහ කසුන් රාජිතයි.

තවද ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (26) පැවැත්වීමට නියමිත අතර ලසිත් මාලිංග සහභාගී වන අවසන් එක්දින තරගය ද මෙය වන නිසා මාලිංගගේ එක්දින සමුගැනීම වෙනුවෙන් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ඔහුගේ රුව රැගත් බැනර් ප‍්‍රදර්ශනය කිරීම ඇතුළු සැමරුම් සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් ක‍්‍රිකට් ආයතනය විසින් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.මේ අතර හෙට පැවැත්වෙන තරගය වෙනුවෙන් ආරක්ෂාව තර කර ඇති බව ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post