News Line| Off Air
Generic placeholder image

Jul
25

විස රසායන යොදා පළතුරු ඉදවන වෙළඳුන් වටලන්න සැරසේ

1594 Views


විස රසායන යොදා පළතුරු ඉදවන වෙළඳුන් වටලන්න සැරසේ

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පිහිටි විස රසායන ද්‍රව්‍ය යොදාගෙන පලතුරු ඉදවූ වෙළදසලක් වැටලූ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළතුරු වෙළෙඳසලේ වූ සියලූ‍ පළතුරු සමග වෙළදසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.මෙම පුද්ගලයා විසින් පළතුරු ඉදවීමට මිනිස් ආහාරයට නුසුදුසු රසායන ද්‍රව්‍ය භාවිත කරන බවට ලද පැමිණිලි තුනක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පළතුරු වෙළෙඳසල වටලා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙලෙස දිවයින පුරා විස රසායන යොදාගෙන පලතුරු ඉදවීම සිදු කරනා වෙළදසැල් පවතින බවත්, එම වෙළදසැල්ද ඉදිරියේදි වැටලීම සදහා කටයුතු කරන බවටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post