ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ(24) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සම්මත වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විමසීමක් කර හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටයි