News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා

779 Views


අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා

එළඹෙන අගෝස්තු පළමුවැනදා රජයේ උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්, ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළා.

ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post