News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

අමාත්‍යාංශ දෙකක විෂය පථයන් සංශෝධනය කෙරේ

790 Views


අමාත්‍යාංශ දෙකක විෂය පථයන් සංශෝධනය කෙරේ

අමාත්‍යාංශ දෙකක විෂය පථයන් සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යටතේ පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය පථය අමාත්‍ය පී.හැරිසන්ට ලබාදී ඇති අතර අමාත්‍ය පී.හැරිසන් සතුව පැවති පශු සම්පත් සංවර්ධන විෂය පථය, අමාත්‍ය රංජිත් මද්දුබණ්ඩාරට ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ අමාත්‍ය ධූරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන ලෙස සංශෝධනය කර ඇති බවත් අමාත්‍ය පී.හැරිසන්ගේ අමාත්‍ය ධුරය සංශෝධනය වී ඇත්තේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන යනුවෙන්.

අමාත්‍යවරුන් දෙදෙනා වෙත නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදුකෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post