News Line| Off Air
Generic placeholder image

Jul
26

පොහොට්ටුව සමග දේශපාලන පක්ෂ 10 ක් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

665 Views


පොහොට්ටුව සමග දේශපාලන පක්ෂ 10 ක් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලන පක්ෂ කිහිපයක් අද පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී අවබෝධතා ගිවිසුමකට එළඹුනා.

ඒ අනුව මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකළ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 ක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.

එම ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ

හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය,
සතාසිවම්ගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ,
කමල් නිශ්ශංකගේ ලිබරල් පක්ෂය,
සරත් මනමේන්ද්‍රගේ නව සිහළ උරුමය,
අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,
කරුණා අම්මාන් නොහොත් විනයාගමුර්ති මුරලිදරන්ගේ තමිල එක්සත් නිදහස් පෙරමුණ,
සරත් විජේරත්නගේ භූමිපුත්‍ර පක්ෂය,
ජයන්ත කුලතුංගගේ එක්සත් ලංකා මහා සභාව,
එස්.ජේ. තුෂ්යන්තන්ගේ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,
මුබාරක් අබ්දුල් මජීඩ්ගේ මුස්ලිම් උලමා පක්ෂය,

යන පක්ෂයි.


News Articles
Latest Videos
Most Popular Post