News Line| Off Air
Generic placeholder image

Jul
26

බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව නව රථ වාහන සැලැස්මක්

992 Views


බෞද්ධාලෝක මාවත ආශි‍්‍රතව නව රථ වාහන සැලැස්මක්

කොළඹ මහනගර සභාව විසින් සිදුකරන කැණීම් කටයුත්තක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව ජූලි මස 26 වන දින සිට ඔක්තෝබර් මස 25 වන දින දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වන බව සදහන්.

බෞද්ධාලෝක මාවතේ,ස්ටැන්ලි විජේසුන්දර මාවත හංදියේ සිට තුන්මුල්ල වටරවුම දක්වා වු මාර්ගයේ සිදු කරන කැණීම් කටයුත්තක් හේතුවෙන් කොළඹින් පිටවීමේ මංතීරුවේ ගමනා ගමන කටයුතු සීමා කර ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව තුන්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුලු වන වාහන තර්ස්ටන් මාර්ගයෙන් නන්දා මෝටර්ස් හරහා නිදහස් වටරවුමෙන් පිලිප් ගුණවර්ධන මාවත,ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට ඇතුලු විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post