News Line| Off Air
Generic placeholder image

Jul
26

මහ බැංකු අධිපති සහ නීතිපති අද තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

630 Views


මහ බැංකු අධිපති සහ නීතිපති අද තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි.

එය පෙරවරු 09 ට ආරම්භ වන අතර, සාක්ෂි විමසීම සඳහා පළමුවෙන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවීමට තීරණය කළ බව කමිටු සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියා.

අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුද කැඳවා ඇති බව තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post