යාල වනෝද්‍යානයේ කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ පුද්ගලයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් මැණික් ගරමින් සිට ඇති අතර එම පිරිස හා වනජීවී නිලධාරීන් අතර ඊයේ (25) වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
වනජීවි නිලධාරින් විසින් සිදුකල වෙඩි තැබිමෙන් ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා 23 හැවිරිදි කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සදහන් කළා.
ඔහු මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා. සිදුවිම වු ස්ථානයේ තිබී ජංගම දුරකතන 03ක් ඇතුළු මැණික් ගැරීමට යොදා ගත් උපකරණ කිහිපයක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.