සහරාන්ගේ සමීපතමයෙකු නාවලපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
නාවලපිටිය ප‍්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහරාන් සමග හම්බන්තොට කදවුරේ පුහුණුව ලැබුවෙකු බවයි පොලීසිය සදහන් කලේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90 ක රැුදවුම් නියෝග ලබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතයි.
සහරාන් සමග ආයුධ පුහුණුව ලැබූසැකකරුවන් 14 දෙනෙකුගෙන් අටදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුනේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කලා.
පරීක්ෂණවලදි අනාවරණය වි ඇත්තේ සැකකරුවන්ගෙන් පස්දෙනෙකු සහාරන්ගේ දේශන වලට සහභාගී වූවන් වන අතර අනෙක් තුන් දෙනා අවි පුහුණුව ලැබූ පුද්ගලයින් බවයි.