News Line| Off Air
Generic placeholder image

Jul
26

සහරාන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු අත්අඩංගුවට

732 Views


සහරාන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු අත්අඩංගුවට

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු ලබන 36 හැවිරිදි කුටුබ්දින් හාජා නජිමුදීන් නම් මෙම සිංගප්පුරු ජාතිකයා සහරාන් හෂීම් ගේ අන්තවාදී දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සවන්දී ඇති අතර අවස්ථා ගණනාවකදී ඔහු සමග අදහස් හුවමාරු කරගෙන ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.

2015 වර්ෂයේ මැයි මාසයේ සිට 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය අතර කාලසීමාවේදී කුටුබ්දින් හාජා නජිමුදීන් අවස්ථා තුනකදී සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති අතර එම අවස්ථාවලදී ඔහු සහරාන් හෂීම් මුණගැසී තිබෙන බවට කරුණු අනාවරණය කර ගෙන ඇති අතර සහරාන් නායකත්වය දැරූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයට මුල්‍යම ආධාර පවා මෙම පුද්ගලයා ලබාදී තිබෙනවා.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයට කුටුබ්දින් හාජා නජිමුදින්ගේ සම්බන්ධකම් පවතිනවාද යන්න මෙතෙක් සිදුකර තිබෙන විමර්ශන වලදී හෙළිවී නොමැති බව සදහන්.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු වන 47 හැවිදිරි සුදිර්මාන් සමිකින් යන අය හාජා සමග ISIS සංවිධානය සමග එක්වීම සඳහා සිරියාව බලා යාමට සුදානම්ව සිටි අයෙක් බව සදහන්.

කෙසේ වුවත් කුටුබ්දින් හාජා නජිමුදීන් දිගින් දිගටම ISIS සංවිධානයට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post