News Line| Off Air
Generic placeholder image

Jul
27

ඉන්දියාවේ ගං වතුරක් නිසා මගීන් 700 ක් දුම්රියක කොටු වෙයි

806 Views


ඉන්දියාවේ ගං වතුරක් නිසා මගීන් 700 ක් දුම්රියක කොටු වෙයි

ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක සිරවී සිටින මගීන් 700 දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කොලහාපුර් සිට මුම්බායි බලා එමින් තිබු දුම්රියක් මෙලෙස හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මුම්බායි නගරයට කිලෝමීටර් 60 ක් පමණ දුරින් නතර කර ඇත්තේ ඊයේ (26) සවස සිටයි. පැය 15 කට ආසන්න කාලයක් තමන්ට බිමට ජලය හෝ ආහාරයට කිසිවක් නැති බව පවසමින් දුම්රියේ රැඳී සිටින ඇතැම් මගින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වීඩියෝද පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

දුම්රිය නවත්වා ඇති ස්ථානයේ සිට මුම්බායි දුම්රිය ස්ථානය දක්වා වැටී ඇති මාර්ගය අඩි 5-6ත් අතර ජලයෙන් යටවී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් දුම්රියේ සිටින මගින් බේරා ගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් සහ ජීවිතාරක්ෂක බළකායේ සාමාජිකයින් සමග බෝට්ටු 06ක් එම ස්ථානයට යොමු කිරීමට මහරාෂ්ඨ ප්‍රාන්ත මහ ඇමතිවරයා පියවර ගෙන ඇති බව සදහන්.

පසුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් මුම්බායි ගුවන් තොටුපලේ ගුවන් ගමන් කටයුතු වලටද බාධා එල්ලවී ඇති බවත් නගරයේ වාහන ධාවනය කිරීමට නොහැකි අයුරින් ජලයෙන් යටවී ඇති බවත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post