News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

එංගලන්තයෙන් ගෙන් වූ සායනික අපද්‍රව්‍ය නිසා කොළඹ වරාය ගද ගසයි

698 Views


එංගලන්තයෙන් ගෙන් වූ  සායනික අපද්‍රව්‍ය නිසා  කොළඹ වරාය ගද ගසයි

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා රදවාගෙන ඇති කසල බහාලූම්වලින් පිටවන අධික දුර්ගන්ධය හේතුවෙන් කොළඹ වරාය පරිශ‍්‍රයේ කටයුතු පවත්වාගෙන යාමද අසීරු වී තිබෙන බව වාර්තා වෙනවා.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කලේ එම කසල බහාලූම් දැඩි ලෙස නරක් වී ඇති බැවින් ඒවායෙහි දොරවල් ඇර පරීක්‍ෂා කිරීම පවා අපහසු වී ඇති බවයි. ඒ අනුව ජාත්‍යන්තර සම්මුතීන් පවා උල්ලංඝණය කරමින් මෙරටට එවා ඇති මෙම කසල තොගය කඩිනමින් යළි හරවා එවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post