අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර සහ කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ ලබන මස 6 වනදා එම අමාත්‍යවරුන් කාරක සභාව හමුවට කැදවන බවයි. නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු ලෙස සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර කොමිසම හමුවට කැදවීමට නියමිත බව පැවසෙනවා. ආනන්ද කුමාරසිරි පැවසුවේ අගෝස්තු මස 6 වන දින හැකියාවක් පැවතුනහොත් අග‍්‍රාමාත්‍යවරයාගෙන්ද කරුණු විමසිමක් සිදුකිරීමට අපේක්‍ෂා කරන බවයි.
කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ආරාධනයක් සිදු කිරීමට අවධානය යොමුව ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා වැඩි දුරටත් සදහන් කළා.