ශාන්ති පදනම මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික ජාතික පිච්ච මල් පූජාව 30 වන වරටත් අද(27) සහ හෙට(28) යන දෙදින පුරා පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය සහ රුවන්වැලි මහ සෑය කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්සවය පැවැත්වෙන බව එම පදනම සඳහන් කලා.
ඒ නිසා අතර පිච්ච මල් පූජාව හේතුවෙන් අද සහ හෙට දින තුළ අනුරාධපුර නගරය තුළ විශේෂ රථ වාහන සැලස්මක් හදුන්වා දී තිබේ.බැතිමතුන්ගේ පහසුව සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර ඒ අනුව පුත්තලම – අනුරාධපුර මාර්ගයේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන රුවන්වැලිසෑය අසල ඇති පී 10 රථ ගාලේ නැවත්විමේ හැකියාව පවතින බවත් එමෙන්ම කුරුණෑගල පාදෙණිය මාර්ගයේ පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන සඳහිරු සෑය ඉදිරිපිට ඇති පී 01 රථ ගාලේත්, ශ්‍රී මහබෝධි දකුණු දොරටුව ඉදිරිපිට ඇති පී 02 රථ ගාලේ සහ රුවන්වැලි සෑය ඉදිරිපිට ඇති පී 10 රථ ගාලේ ගාල් කළ හැකි බවත් මාතලේ අනුරාධපුර මාර්ගයේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන ද රුවන්වැලි සෑය ඉදිරිපිට ඇති පී 10 රථ ගාලේ ගාල් කළ යුතු බව පොලිසිය වැඩි දුරටත් සදහන් කළා.