News Line| Off Air
Generic placeholder image

Jul
27

බීමත් රියදුරන් 5705ක් අල්ලයි – මිලියන 142ක දඩ

898 Views


බීමත් රියදුරන් 5705ක් අල්ලයි – මිලියන 142ක දඩ

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5705ක් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් රියදුරන්ගෙන් මිලියන 142ක දඩ මුදලක් අය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.ඒ අනුව පසුගිය 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5705ක් වන බව සඳහන්ය.

එම විශේෂ මෙහෙයුම තවදුරටත් ලබන මස 5 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post