News Line| Off Air
Generic placeholder image

Jul
27

සිංහයින් ජය මාවත කරා යොමු කරමින් මාලි එක්දින පිටියෙන් සමුගනී

710 Views


සිංහයින්  ජය මාවත කරා යොමු කරමින්  මාලි  එක්දින පිටියෙන් සමුගනී

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහිදී බංගලාදේශ කණ්ඩායම පරදා ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 99කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 17ක් සමඟින් ලකුණු 111ක් රැස් කල අතර වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 5 වන ශතකයයි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 04කදී සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 223ක් පමණයි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 67යි. සබීර් අහමඞ් ලකුණු 60කට දැවී ගියා.

මේ තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 15 වසරක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරගය වීම විශේෂත්වයකි. දකුණු පළාතෙන් ක්‍රිකට් ලොවට දයාද කළ යෝකර් රජු ලෙස සැලකෙන 35 හැවිරිදි ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියට සමු දුන්නේ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් නෙතට කදුලක් එක් කරමිනි. සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කිරීමට සඳහා ලසිත් මාලිංග 8 වන කඩුල්ල ලෙස පිවිසි අතර ඔහුට සිය ප්‍රේක්ෂයන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක් වූ අතර ඔහුගේ මෙම අවසන් තරගයේදී ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට ඔහු සමත් විය.ඒ අනුව ඔහු තරග 226කදී කඩුලු 338ක් බිඳ දමමින් ලෝක එක්දින තරග ක්ශේත්‍රෙය් වැඩිම කඩුලු ලාභීන් අතර 9වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය.


News Articles
Latest Videos
Most Popular Post