News Line| Off Air
Generic placeholder image

Jul
27

1990 සුවසැරියට අදට වසර 3යි

869 Views


1990 සුවසැරියට අදට වසර 3යි

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය සමරනවා ඒ රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු නෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූ අතර යසිරුගේ තුන්වන උපන් දිනය මෙහිදී උත්කර්ශවත් අයුරින් සැමරීමද කැපී පෙනුණා.1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ගතවූ වසර තුනක කාලය තුළදී සුවසැරිය මඟින් පුද්ගලයින් දෙලක්ෂ දාහත් දාහක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි.
එමෙන්ම 1990 සුවසැරිය මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව බවත් මේ සේවාව ලංකාවේ කොහේ හිටියත් රෝගියෙකු වෙත විනාඩි 12 කට අඩු කාලයකදී රෝහල් වෙත ගෙන යාමට කටයුතු කර ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post