News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

599 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්ද පවතින බවත් එම මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

තවද මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි වීමට ඉඩ ඇති නිසා මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post