News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කරයි

1289 Views


දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ දැනට පිරිමි නේවාසිකාගාරයේ උද්ගතව ඇති ශිෂ්‍ය නීති විරෝධී කටයුතු හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ආයතනය වසා දමා ඇති බව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය දැනුම් දෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියානි ඒ .පරණගම මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඊයේ (27) දින සිට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය මෙලෙස වසා දැමු බවත් ඒ අනුව පැවැත්වීමට නියමිත සියලු විභාග කටයුතු ද නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙන බව පැවසුවා. ඒ අනුව සියලු සිසුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නේවාසිකාගාරවලින් හා ආයතන පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස දැනුම් දි තිබේ.


News Articles
Latest Videos
Most Popular Post