රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට (29) ආරම්භ කිරිමට තීරණය කර තිබෙන බව වාර්තා වන අතර ඒ අනුව කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර සිසුන් අද (28) දිනය තුළ අදාළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙනවා.
එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය අධ්‍යයන කටයුතු සදහා හෙට යලි විවෘත කිරිමට නියමිත බව පැවසෙනවා.තවද කලමනාකරණ හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යන කටයුතු ද එදින ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළා.
තව දුරටත් කලමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසරේ අධ්‍යන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර එහි පළමු සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙන බව රුහුණු විශ්ව විද්‍යාලය පවසනවා.