සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (28) පැවැත්වීමට නියමිතයි.දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ එකට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකාව පෙරමුණගෙන සිටිනවා.දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණූ 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 07ක්. එම තරග 07ම ජයගැනීමට සමත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි