අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා.අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසු අතර යළි අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව සදහන් වෙනවා.
රිෂාද් බදියුදීන්, ඒ.එච්.එම්.ෆවුසි සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටින බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් අතරද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර මෙම සාකච්ඡාවේදී එකඟාතාවයකට පැමිණියහොත් අද පස්වරුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතව තිබෙන බවද වාර්තා වෙනවා.