News Line| Off Air
Generic placeholder image

Jul
29

එංගලන්තය යළි කසල තොගය භාර ගැනීමේ සූදානමක්

773 Views


එංගලන්තය යළි කසල තොගය භාර ගැනීමේ සූදානමක්

මෙරට පවතින කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා.

අදාල ආයතන සමඟ මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වන බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියා.

දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ පවතින අතර බහාලුම් 111 ක අඩංගු කසල තොගය කොළඹ වරායේ අන්තර්ජාතික බහලූම් පර්යන්තයේ පවතිනවා.

අද දිනය වනතෙක් මෙම කසළ නීතියට පටහැනිව හෝ පරිසරයට හානිකර ලෙස කිසිදු කටයුත්තක් සිදුනොකරන බව පසුගිය සතියේදී නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

මෙම බහලුම් තුළ මිනිස් ශරීර කොටස් සහ සායනික අපද්‍රව්‍ය පවතින බවට තොරතුරු වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේදී රජයේ රස පරීක්ෂකගෙන් විමර්ශන වාර්තාවක් ඉල්ලූ බවද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post