වර්ෂ 2015-2018 කාලය තුළදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 600 ක ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාලව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සදහන් වෙනවා.
එමෙන්ම පැමිණිල්ලට අදාලව ඉඩම් අහිමි වූ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමේ කටයුතු මේ දිනවල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන අතර එම ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොමිසමට කැඳවීමට කටයුතු කරන බව පැවසෙනවා.