News Line| Off Air
Generic placeholder image

Jul
29

බංග්ලාදේශය පරදා සිංහයින්ට විශිෂ්ට ජයක්

821 Views


බංග්ලාදේශය පරදා සිංහයින්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් කඩුළු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ වුණා. ඒ අනුව පුරා මාස 44කට පසුව ශ්‍රී ලංකාව තුලදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගනිමින්.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 238ක් රැස් කර ගනු ලැබුවා. එහිදී මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් සහ මෙහෙඩි හසන් ලකුණු 43ක් රැස් කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 44.4ක් තුලදී කඩුලු 3ක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත්වුනා. එහිදී ආරම්භ පිතිකරු ලෙස පිටියට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 75ක් තුලදී වේගවත් ලකුණු 82ක් රැස් කරනු ලැබුවා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 30ක් රැස් කල අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. බංග්ලාදේශය වෙනුවෙන් මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුණු 50 කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.

තරගයේ විරයා ලෙස සම්මානය දිනාගත්තේ ලකුණු 82ක් රැස් කර ගත් අවිශ්ක ප්‍රනාන්දුය.


News Articles
Latest Videos
Most Popular Post