News Line| Off Air
Generic placeholder image

Jul
29

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමන් තනිවී නොමැති බවත් රටේ ජනතාවම තමා සමග බව ජනපති කියයි

744 Views


මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමන්  තනිවී නොමැති බවත් රටේ ජනතාවම තමා සමග බව ජනපති කියයි

අද (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර තමා සියලූ තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද උතුන් බුද්ධිමතුන් සියලූදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post