News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

රංජන්ට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම හෙට දක්වා කල්යයි

438 Views


රංජන්ට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම හෙට දක්වා කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම හෙට(30) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අද දින ආරම්භ වීමට නියමිතව තිබු අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් අද දින එම විභාගයට සහභාගි වීම නිසා රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම හෙට දින දක්වා කල් තැබීමට විජිත් මළල්ගොඩ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post