News Line| Off Air
Generic placeholder image

Jul
29

රහස්‍ය ලේඛණය ගැන STF අණදෙන නිලධාරී ලතීෆ්ගෙන් පැහැදිලි කිරීමක්

650 Views


රහස්‍ය ලේඛණය ගැන  STF අණදෙන නිලධාරී ලතීෆ්ගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පැවසුවේ අයි. එස්. සංවිධානය සම්බන්ධයෙන් ආචාර්ය රොහාන් ගුණරත්න සැකසූ ලිපියක් එලෙස මන්තී‍්‍රවරයාට භාර දුන් බවයි. ඒ අනුව සුමන්තිරන් මන්තී‍්‍රවරයාට පෙර තමා සමග නලින්ද ජයතිස්ස මන්තී‍්‍රවරයා ද කළුතර දිස්ති‍්‍රක්කයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයින්ගේ නම් අබු උබෙයිදා අස් සෙයිලානි යනුවෙන් හැඳින්වීම සම්බන්ධයෙන් සුමන්තිරන් මන්තී‍්‍රවරයා තමාගෙන් විමසා සිටි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ප්‍රකාශ කල අතර අයි. එස්. ත‍්‍රස්ත සංවිධානයේ ශ‍්‍රී ලංකා සාමාජිකයින් හඳුනාගැනීම සඳහා අස් සෙයිලානි යනුවෙන් යොදන බව තමා එහිදී මන්තී‍්‍රවරයාට පෙන්වා දුන් බවයි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් ඉකුත් අපේ‍්‍රල් 24 වැනිදා ආචාර්ය රොහාන් ගුණරත්න ලියා තිබූ ලිපිය තමා සුමන්තිරන් මන්තී‍්‍රවරයාට භාර දුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැහැදිලි කලේ.


News Articles
Latest Videos
Most Popular Post