News Line| Off Air
Generic placeholder image

Jul
29

රූමස්සල අනතුරට ලක් වූ නෞකාව පා කර හැරීමට නොහැකි තත්වයක්

959 Views


රූමස්සල අනතුරට  ලක් වූ නෞකාව පා කර හැරීමට නොහැකි තත්වයක්

ඉකුත්දා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරට ලක්ව ඇති නෞකාව කොටස්වලට ගලවා වෙන් කර හෝ කපා ඉවත් කිරීමට සිදුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පවසනවා.ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ අදාළ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැකි එකම ක‍්‍රමය එය පමණක් බවයි.

එමෙන්ම මෙම නෞකාව අනතුරට ලක්වූ ප‍්‍රදේශය ආශි‍්‍රතව සමුද්‍රීය පද්ධතියට කිසියම් බලපෑමක් එල්ල වීමේ වැඩි ඉඩකඩක් ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරනු අතර නෞකාවේ තිබූ ඉන්ධන සියල්ල මේවනවිට ඉවත් කර වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post