ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු ලබන අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
දින 90 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්වි.ජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
සැකකරු මැයි මස 6 වනදා අත්අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව රදවාගෙන ප්‍රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.
මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගැණුනු 10වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ද ලබන මස 9 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.