ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් හේතුවෙන් මේ වසරේ ගතවූ මාස 6 තුළ පමණක් සිවිල් වැසියන් 4000 කට ආසන්න පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
සටන්කාමී සංවිධානවලට එරෙහි යුධමය වාතාවරණය යටතේ මේ වසරේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමෙන් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා.
තලෙයිබාන් සහ අයි.එස්.සටන්කාමීන් සිදුකළ ප්‍රහාරවලින් මෙන්ම රජයේ හමුදා සිදුකළ ප්‍රහාරවලට මැදිවීමෙන් ද මොවුන් මියගොස් ඇති බව සදහන්.
වසර 18 ක් පුරා පවතින ඇෆ්ගනිස්ථාන යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡා මේ වන විට වැදගත් සන්ධිස්ථානයක් කරා පැමිණෙමින් තිබෙන අතර සැප්තැම්බර් මස පළමුවනදාට පෙර සාම ගිවිසුමකට එළඹිමට සැලසුම් කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.