අමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දුන් රිෂාඞ් බදියුදීන්ට එරෙහිව නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්‍ෂය සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියාසිටියේ මේ වනවිට සාකච්ඡා ද ආරම්භ කර ඇති බවයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තනතුරු අත්හල අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මහජන නියෝජතයන් 04 දෙනෙකු ඊයේ (29) රාති‍්‍රයේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස දිවුරුම් දෙනු ලැබු අතර රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ අතර රාවුෆ් හකීම් දිවුරුම් දුන්නේ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද අමීර් අලි – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග‍්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අබ්දුල්ලා මහරුෆ් – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.