මෙවර කලකට පසු ප‍්‍රමාණවත් අස්වැන්නක් ලැබීම නිසා මෙවර කජු ආනයනය අත්හිටුවන බව ශ‍්‍රී ලංකා කජු සංස්ථාව පවසනවා. එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න වැඩි දුරටත් කියා සිටියේ පසුගිය වසර ගණනාවක සිට දේශීය කජු කර්මාන්තයේ යෙදී සිටින පිරිස රැක ගැනීම සඳහා මෙරට කජු නිෂ්පාදනය මදි වූ අවස්ථාවලදී කජු වෙනත් රටවලින් ගෙන්වීමට බලපත්‍ර ලබා දුන් බවත් එහෙත් එය ව්‍යාපාරයක් ලෙස ගෙන්වීමට ඉඩ නොදුන් බවත් මෙවර කජු අස්වැන්න විශාල වශයෙන් නොසිතපු ආකාරයෙන් ඉහල යෑම නිසා මෙවර කජු වෙනත් රටවලින් ගෙන්වීම අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව කජු අස්වැන්න මෙලෙස වැඩි කර ගැනීම සඳහා ඉකුත් වසර කිහිපයේදී විවිධ ව්‍යාපෘතීන් සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුනු අතර ඒ අනුව එහිදී වගා ව්‍යාප්ති කටයුතු සාර්ථක වීම, ඉඩම් තෝරා ගැනීම සාර්ථකවීම මීට බලපා තිබෙන බවත් ඉතා දුෂ්කර වෙනත් බෝගයක් වැවෙන්නේ නැති ප්‍රදේශවල මෙම කජු වගා කටයුතු සිදු කළ බවද පෙන්වා දුන් ඔහු ගොවීන්ට පුහුණුවක් ද ලබා දී අස්වැන්න ලැබෙන තෙක් සිය නිලධාරීන් පසු විපරම් කළ බවද ප්‍රකාශ කළා.