News Line| Off Air
Generic placeholder image

Jul
30

සහරාන්ගේ තවත් සමිපතයෙක් අල්ලයි

572 Views


සහරාන්ගේ තවත් සමිපතයෙක් අල්ලයි

නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.ඊයේ (29) රාත්‍රි 10.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඒ ලැබුණු තොරතුරකට අනුව බව පැවසෙනවා.

එමෙන්ම තහනම් කරන ලද අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක කාසීම් සහරාන් යන අය විසින් නුවරඑළිය ප්‍රදේශයේ මෙම අවි ආයුධ පුහුණුවීම් හා දේශණ පවත්වා තිබෙන අතර සැකකරු සහරාන් යන අයගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන බවත් සැකකරු වයස අවුරුදු 28ක් වූ අංක 382/02, කැකුණගොල්ල කටුපොත පදිංචි මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් නැමැත්තෙක් බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post