ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ මේ වනවිට රුපියල් මිලියන 777ක ප්‍රතිලාභ ලබාදී තිබෙන් බව වාර්තා වෙනවා.ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව 17,308 කි.
ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් නොමිලේ ලබාදෙන මෙම සිසු රක්ෂණාවරණය මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මේ හරහා ඉඩප්‍රස්ථා සලසා දී තිබෙනවා.
එමෙන්ම රජයේ සියලු පාසල් හා පිරිවෙන්වල සහ ද පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, මෙම රක්ෂණ හිමිකම යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000/-ක් දක්වා ද මව්පිය වියෝවක දී එක් අයෙකුට රු 200,000/ බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමෙනවා.
අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට ද සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ්පත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති ව වුව ද මෙම රක්ෂණ ප්‍රතිලාභ සඳහා අයදුම් කළ හැකි අතර සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ, 0112369369 අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි.