News Line| Off Air
Generic placeholder image

Jul
30

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව හදුන්වාදීමක්

1895 Views


සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව හදුන්වාදීමක්

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ පරිදි සුරාබදු නිවේදන අංක 4/2019 ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මකයි.

මෙහි ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය දැනට (ජූලි 20 සිට) ක්‍රියාත්මක කර ඇති අතර, දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කළ යුතුයැයි යන නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරටට විදේශීය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 23ක් ඇති අතර ඔවුන් තම ආයතනය විසින් ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අලෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමකින් තොරව මින් පසු වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම්.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මත්පැන් මත අලවන ස්ටිකරයේ සත්‍යතාවය පාරිභෝගික ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ජංගම දුරකථන සඳහා වන යෙදවුමක් (APP) එකක් ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට නියමිතයි.

මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කරනු ලබන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post