News Line| Off Air
Generic placeholder image

Jul
30

බැරි නම් යන්න – හතුරුසිංහට කී‍්‍රඩා ඇමති කියයි

1049 Views


බැරි නම් යන්න – හතුරුසිංහට කී‍්‍රඩා ඇමති කියයි

ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායමේ ජයග‍්‍රහනය සදහා පුහුණුකරුවන් ගන්නා පියවර සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද ක‍්‍රීඩා අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

බංගලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ශ‍්‍රී ලංකා පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා දැනුම්දීමක් කළා. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිතයි.

එහිදී කී‍්‍රඩා ඇමතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ පුහුණුකරුවන්ට ධූරයේ වගකීම හරියාකාරව දැරීමට නොහැකි නම් ධූරයෙන් ඉවත් කිරීමට තමන් පසුබට නොවන බවයි.

සෙසු පුහුණුකරුවන්ගේ කොන්ත‍්‍රාත් කාලය යලි දීර්ඝ නොකිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් විධායක කමිටුව පසුගිය දා තිරණය කළා.
හිටපු ටෙස්ට් ක‍්‍රීඩක තිලාන් සමරවීර නවසීලන්ත ක‍්‍රීකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙක් ලෙස පත් කර තිබෙනවා. එම පත් කිරීම සිදු කොට ඇත්තේ නවසිලන්ත කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය ඉලක්ක කොට ගනිමින්.

මේ අතර සංචාරක බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර තුන් වන එක් දින තරගය හෙට කොළඹ ආර් .පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගනයේ දී පැවැත්වෙනවා. අවසන් තරගය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මනා සුදානමකින් පසු වන බව කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සදහන් කළා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තරග 3කින් සමන්විත ශී‍්‍ර ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය තරග 2ට බිංදුවක් ලෙස ජය ලබා පෙරමුණ ගෙන ඇත්තේ සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. මාස 44කට පසු මව්බිමේ දී ලබාගත් පළමු එක්දින තරගාවලි ජයග‍්‍රහණය ලෙස මෙය සැලකෙනවා.

තුන් වන තරගය හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ඇගයීම සදහා නම් කල බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් ආයතනය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post