News Line| Off Air
Generic placeholder image

Jul
30

හෙට නුවන් කුලසේකර වෙනුවෙන් තරගයේ සිදුවෙන වෙනස්කම් ගැන දිමුත් කියයි

4322 Views


හෙට නුවන් කුලසේකර වෙනුවෙන් තරගයේ සිදුවෙන වෙනස්කම් ගැන දිමුත් කියයි

බංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් ඇති හෙයින් එම තරගයද ජය ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසනවා.

“අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවන් දෙන්න බලාපොරොත්තුවෙනවා. ඊළඟ ලෝක කුසලානයට ඒ අය සූදානම් කරද්දී හැමෝටම අවස්ථා දෙන්න ඕන. තරගය දිනන්නත් සංයුතිය හදන ගමන් අවස්ථා දෙන්න බලනවා. ලොකු වෙනසකම් නෙමෙයි දෙකක් තුනක් කරන්න තමයි බලාපොරොත්තු වන්නේ.නුවන් අයියා වෙනුවෙන් නම් කළ තරගයේත් ජයග්‍රහණය තමයි අපි බලාපොරොත්තුවන්නේ. අපි සෙල්ලම් කරන හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.තරග ජයග්‍රහණය කරනවා වගේම අපි අවස්ථා දෙන්නත් ඕන. මේ කණ්ඩායමම දිගටම ගහගෙන ගියොත් අපිට අවස්ථා දෙන්න වෙන්නේ නෑ. ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරන තරගයත් ජයග්‍රහණය කරලා තරගාවලියම ජය ගන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post