News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

එංගලන්තයෙන් ආ කසල කන්ටේනර් රට තුළට ප්‍රවාහනය කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

856 Views


එංගලන්තයෙන් ආ කසල  කන්ටේනර් රට තුළට ප්‍රවාහනය කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළි කසල අඩංගු යැයි සැලකෙන කන්ටේනර් රට තුළට රැගෙන යාම ප්‍රවාහනය කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 20 වැනි දා තෙක් බලපැවැත්වෙනවා.අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා ඇති මෙම කසල කන්ටේනර් ප්‍රවාහනය කළ හැක්කේ ඒවා නැවත ප්‍රති අපනයනය කිරීමක් සඳහා පමණක් වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post