1 පාස්වර්ඩ් එකක් යොදන්නේ ගිණුමක් සක්‍රිය කිරීමේ අරමුණින් නොව, ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටයි.
සමහරු හිතාගෙන ඉන්නේ පාස්වර්ඩ් එකක් දීමට අවශ්‍ය වන්නේ ගිණුම හදා ගන්න ඕනේ නිසා කියලයි. මොකද කියනවා නම් ඊමේල් ලිපිනයක් සකසද්දී, ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමක් සකසද්දී අදාළ වෙබ් අඩවිය ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ නිසා නෙවෙයි අපි පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ. අපේම ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ.
වෙබ් අඩවිය පාස්වර්ඩ් එකක් ඉල්ලන නිසා පාස්වර්ඩ් එකක් යොදන්න ඕනේ කියලා හිතන කට්ටිය යොදන පාස්වර්ඩ් පිටස්තරයෙක්ට උපකල්පනය කරන්න හරිම ලේසියි.
උදා : අත්අඩංගුවට පත් වුනු ගොඩක් හැකර්ස්ලා කියලා තියෙන්නේ බහුතරයක් දෙනා යොදන පාස්වර්ඩ් මේවා කියලයි.
“123456”
”12345678”
Jesus
welcome
2 පාස්වර්ඩ් මීටරය ගැන ඔබ දැනුවත්ද?
ඔබ යොදන මුරපදය කෙතරම් ශක්තිමත්ද කියලා මනින කදිම මීටරයක් නිර්මාණය කරලා තියෙනවා. මේ මීටරයට අනුව ශක්තිමත් පාස්වර්ඩ් එකක කැපිටල් සහ සිම්පල් අකුරු මිශ්‍රව තියෙන්න ඕනේ. ඊට අමතරව පාස්වර්ඩ් එක තුල ඉලක්කම්, සංඥා ලකුණු තිබිය යුතුයි.
3 හැම ගිණුමටම එකම පාස්වර්ඩ් එක දාන්න එපා
ඔබ භාවිතා කරන හැම ගිනුමකටම එකම පාස්වර්ඩ් එක යෙදුවොත් ඔබට එය මතක තියා ගන්න පහසු ඇති. ඒත් හැකර් කෙනෙක් ඔබේ එක් ගිනුමක පාස්වර්ඩ් එක සොරකම් කර ගත්තොත් ඔහුට ඔබේ හැම පෞද්ගලික ගිනුමකටම එයින් ඇතුළු වෙන්න අවස්තාව ලැබේවි. මේ නිසා විවිධ වෙනස්කම් ඇති මුරපද ඔබේ ගිණුම් වලට යොදන්න.
4 පහසු security questions තෝරා ගැනීමෙන් වලකින්න
ඔබට ඔබේ මුරපදය අමතක වුවොත්, ඔබට ඔබේ ගිණුමට ඇතුළු විය හැකි ක්‍රමයක් ලෙස මේ security questions ඔබට වෙබ් අඩවි මඟින් යෝජනා කරනවා. ඔබ තෝරා ගත යුත්තේ පිටස්තරයෙකු පිළිතුර නොදන්නා සුරැකුම් ගැටළුවකුයි. ඔබේ මවගේ නම, ඔබේ පාසලේ නම වැනි ප්‍රශ්න මඟ හැර පිටස්තරයෙකුට කෙසේවත් පිළිතුරු දිය නොහැකි ගැටළුවක් තෝරා ගන්න.
5 ඔබේ ජිවිතයට සම්බන්ධ වචන මුරපදයට ඇතුළු කිරීමෙන් වලකින්න
ඔබේ නම, ඔබගේ මවගේ හෝ පියාගේ නම, ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ නම, ඔබේ උපන්දිනය, ඔබේ දුරකථන අංකය ආදිය මුරපදය සේ දැමීමෙන් වලකින්න. එයට හේතු වන්නේ ඔබේ සමීප පුද්ගලයන් ඒවා හොඳින්ම දන්නා නිසයි.
6 මුරපදයේ අකුරු සංඛ්‍යාව ගැන සැලකිලිමත් වන්න
ඔබ යොදන මුරපදයේ අකුරු සංඛ්‍යාව 12ත්- 14ත් අතර ප්‍රමාණයක් ගන්නවා නම් එහි සුරක්ෂිත බව ඉහල බව සනාථ වී තිබේ.
7 Space Bar භාවිතා කරන්න
ඔබ යම් පාස්වර්ඩ් එකක් යොදන විට අදාළ වචනයේ මැදින් හිස් ඉඩක් (Space Bar) යොදන්න. ඔබ යෙදු මුරපදය කවුරුන් හෝ උපකල්පනය කලත්, ඔබ Space Bar එක භාවිතා කර ඇත්තේ කොතැනට දැයි ඔවුන්ට කෙසේවත් උපකල්පනය කල නොහැකියි.
උපුටා ගැනීම – මුහුණු පොතෙන්