News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක්

639 Views


කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක්

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමිව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරීම අද සිදුකෙරුණා.

මේ සඳහා ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ නිලධාරීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අදියර කිහිපයක් යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමට රු. මිලියන 16 ක ප්‍රතිපාදන එම කාර්යාලය වෙත ලබා දී තිබෙනවා.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල මන්දපෝෂණ තත්ත්වය අවම කිරිම, මිරිදිය අස්වැන්න සුලභ කිරිම සහ පරිභෝජනය ඉහල දැමිම, වතුකරයේ ජනාතාවට අඩුමිලට මිරිදිය මත්ස්‍යය අස්වැන්න ලබාදිම සහ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ධිවර කාර්මාන්තයේ නියැලෙන ධිවරයන්ගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් මෙලෙස ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හරිනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post