News Line| Off Air
Generic placeholder image

Jul
31

ගිලන් රථ රියදුරන් අද විරෝධතාවයක

727 Views


ගිලන් රථ රියදුරන් අද විරෝධතාවයක

රට පුරා ගිලන් රථ රියදුරන් අද (31) කොළඹට පැමිණ උද්ඝෝෂණයකට සූදානම් වන බව වාර්තා වෙනවා.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප‍්‍රවාහන රියදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්. ඞී. විජේසිංහ සඳහන් කළේ පවතින වැටුප් තල ප්‍රාථමික සේවා ගණයට වැටි ඇති බවත් තම නිල ඇදුම් දීමනාව වැඩි කරන ලෙසද ඊට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පස්වරු 12.00ට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි.

අද පැවැත්වෙන මෙම උද්ඝෝෂණය සඳහා සෞඛ්‍ය සේවයේ අරක්කැමිවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද එක්වන බවයි මෙහිදී සදහන් කල අතර ජාතික රෝහල ඉදිරිපිට සිට පා ගමනකින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණය සිදුකරන බවද ප‍්‍රකාශ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post