News Line| Off Air
Generic placeholder image

Jul
31

ජපානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් 11 දෙනෙකු මරුට

992 Views


ජපානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් 11 දෙනෙකු මරුට

ජපානයේ ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 5000 ක් පමණ රෝහල් ගත කර ඇති බවද සදහන්.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ උද්‍යානයක මැස්කට් ඇඳුමක් හැඳ සිටි පුද්ගලයෙක් වන අතර එම ඇඳුම කිලෝ ග‍්‍රෑම් 16 ක් පමණ බරකින් යුතු බවත් අදාළ පුද්ගලයා එම ඇඳුමින් සැරසී විනාඩි 20 ක පමණ කාලයක් නර්තනයේ නිරත වී සිටි බවත් වාර්තා වුණා.

මෙම සිද්ධියෙන් අනතුරුව මැස්කට් ඇඳුම් වලින් සැරසී විනෝද උත්සව වලට සහභාගී වීම අත්හිටුවීමට උද්‍යාන බලධාරීන් තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post