News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කරයි

714 Views


ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත්කරයි

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල, පූජ්‍ය මැදගම ධම්මානන්ද, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් යුතුව ජනාධිපතිවරයා විසින් මෙම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කර තිබෙනවා.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට වර්තමානය දක්වා මෙරට භික්ෂු පරම්පරාවේ දායකත්වයෙන් සුරක්ෂිතව රැගෙන ආ නිර්මල ථෙරවාදි බුදු දහම ඇතුළත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත් අතර ථෙරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීමට අදාළ වැඩපිළිවෙළක්ද සකස් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post