News Line| Off Air
Generic placeholder image

Jul
31

තැපෑලෙන් ආ මත්පෙති පෙට්ටිය ගැන විමර්ෂණය තවදුරටත්

1494 Views


තැපෑලෙන් ආ මත්පෙති පෙට්ටිය ගැන විමර්ෂණය තවදුරටත්

තැපෑලෙන් පැමිණි මත්පෙති තොගයක් සමග ඊයේ (30) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර එම සැකකරු තවදුරටත් රඳවා ගෙන ප‍්‍රශ්න කෙරෙන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම මත්පෙති තොගය සෙල්ලම් බඩු පෙට්ටියක් ලෙස දක්වා පෘතුගාලයේ සිට එවා තිබූ තැපැල් පාර්සලයකයි සගවා තිබුණේ. ඒවායෙහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්‍ෂයක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙන අතර අදාළ මත්පෙති විශේෂයෙන්ම සමාජ ශාලාවලදි තරුණයන් වෙත අළෙවි කරන එක්ස්ටසි ලෙස හදුනාගෙන තිබෙනවා. මෙවැනි මත්පෙති 3,000 කට වැඩි ප‍්‍රමාණයක් සැක සහිත පාර්සලයේ තිබී ඇති අතර මෙම මත්පෙත්තක් සාමාන්‍යයෙන් අළෙවි කෙරෙන්නේ රුපියල් 5,000 ක පමණ මිලකට අළෙවි කෙරෙන බව රේගුව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post