අද පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කලේ පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට නොපැමිණිය යුතු බවයි. මුලින්ම කල යුතු දේ කර ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.
මුළු රටම කම්පනයට පත් කරමින් සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරයට අද වන විට මාස 3ක කාලයක් ඉක්ම ගොස් ඇති බවත් තුවාල ලැබූවන් සහ සාමාජිකයින් අහිමිවුවන් වෙත ගොස් තමා හැකි අයුරුන් ඔවුන්ව සනසාලන්නට කටයුතු කල බවද පැවසු උන්වහන්සේ ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වන්දි නොව යුක්තිය ඉටු කිරීම බවද මෙහිදී සඳහන් කලා.
මෙම කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරය සංවිධානය කළ, එයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබී නොමැති බවත් ඔවුන් නිදැල්ලේ සිටින බවත් එමෙන්ම ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතු බවද උන්වහන්සේ සදහන් කරනවා.
තවද තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සැමදා කැප වෙන බවත් පැවසු උන්වහන්සේ ඇතැම් මාධ්‍ය තුළින් තමාව දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට උත්සහ ගන්නා බවත් සඳහන් කළ අතර තමාට පක්ෂයක් නොමැති බවත්, තමාට ඇත්තේ ජනතා පක්ෂයක් බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසනවා.