News Line| Off Air
Generic placeholder image

Jul
31

මුස්ලිම් සම්මේලනයේ මහලේකම් නුවරට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමේදී නිවාස කිහිපයකට හානි සිදු වෙයි

956 Views


මුස්ලිම් සම්මේලනයේ මහලේකම්  නුවරට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමේදී නිවාස කිහිපයකට හානි සිදු වෙයි

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා පසුගිය 29 දා පස්වරුවේ මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ (30) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී එම සමුළුවට සහභාගී වුනු අතර එසේම ඊයේ පෙරවරුවේ ගුවනින් මහනුවරට ගිය මහලේකම්වරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම්වරයා පැමිණි ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය මැණික්හින්න ප්‍රදේශයට ගොඩෑමේදී ඒ අවට නිවාස කිහිපයකට හානි සිදුවී තිබෙන බව එම ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post