News Line| Off Air
Generic placeholder image

Aug
1

අලූ බඳුන ගැටුම ඇරඹේ

703 Views


අලූ බඳුන ගැටුම ඇරඹේ

ලොව පැරණිතම ටෙස්ට් තරගාවලිය ලෙස සැලකෙන අලූ බඳුන 71 වන තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙන්නේ බර්මිංහැම්ප් හි එජ්බැස්ටන් ක‍්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ‍්‍රලියා නායක ටිම් පේන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයේ තීරක ලෙස කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රංජන් මඩුගල්ල මහතායි.

ඔහුගේ 188 වන තරගය මෙය වන අතර ලොව වැඩිම ටෙස්ට් ක‍්‍රිකට් තරග සංඛ්‍යාවක තරග තීරකවරයා ලෙසද කටයුතු කර ඇත්තේ රංජන් මඩුගල්ල මහතායි.

1882 වසරේ ආරම්භ වූ අලූ බඳුන ක‍්‍රිකට් තරගාවලියේ තරගාවලි 33 ක් ජය ගෙන ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවයි.

තරගාවලි 32 ක් එංගලන්තය ජය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post